Sunday, October 19, 2014

බුද්ධ ශාසනය යනු කුමක්ද?



  • තර්ක විතර්ක වලින් ලබා ගත හැකි දෙයක් නොවේ 
  • භක්තියෙන්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • ලාභ ප්‍රයෝජන වලින්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • ප්‍රශංසාදියෙන්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • පිරිස් පිරිවරා  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • ආවට ගියාට  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • පරපුරෙන්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • ජාතියෙන්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • කුලයෙන්  ලබා ගත හැකි දෙයක් නොවේ 
  • පටු අදහස්  ලබා ගත හැකි දෙයක් නොවේ   

  1. භික්ෂු - භික්ෂූණි - උපාසක - උපාසිකා යන සිව් වනක් පිරිස විසින් දරා ගත යුක්තකි .
  2. ශ්‍රද්ධා බුද්ධියෙන්ම අනුගමනය කළ යුක්තකි .
  3. සත්‍යය  සොයා මහා ගවේෂණයක යෙදී ලබා ගත්තකි .
  4. ප්‍රඥාවෙන් අවබෝධ කළ ධර්මයකි .
  5. පරම සත්‍ය ලොවට හෙලි කරන මහා අනුශාසනාවකි .
  6. බුද්ධානුශාසන රැසකින් හෙළිකර ගත යුත්තකි .

බුද්ධ ශාසනය යනු ගරුත්වයෙන් අසා - ගරුත්වයෙන්ම අනුගමනය කළ යුතු - අවබෝධ කරගත යුතු  - ශාසනයකි .

අදට දැනට ඇතිවී  ඇති විනාසයනම් : - 
  • වන්දනාව වෙනුවට ආචාර කිරීම නොකළ යුතුයි.
  • පන්සල, ආරණය සේනාසනය , සිද්ධස්ථාන වලට යන ( පිරුවටය ) සුදු ඇදුම වෙනුවට වෛයිවාරණ , විචිත්‍ර ඇදුම් ඇදීම විලාසිතා නොකළ යුතුයි .
  • බුද්ධ වන්දනාව වෙනුවට - විවිධාකාර ක්‍රමවේද නොවිය යුතුයි .

    තුන්ලෝකාග්‍ර වූ බුදුපියාණන් වහන්සේගේ අනුශාසනා - මුළු ලෝකයේම මිනිස් වර්ගයාට උරුම විය යුතු - උරුම කළ යුතු - දුකින් නිදහස් වීම පිණිස පවත්වා ගත යුතු - ශ්‍රේෂ්ඨ අනුශාසනාව , බුද්ධ ශාසනයයි .

         සෑම මනුෂ්‍යයෙක්ම ක්‍රියාවට නැගිය යුතු , අර්ථ - ධර්ම - ප්‍රතිපත්ති - වාග් මාලා - චිත්ත ශක්ති  - විරිය ප්‍රාර්ථනා - සෙත් ශාන්ති - උත්තම බුද්ධ පුජාව දිනපතා උදේ සවස සෑම නිවසකම පවත්වා ගැනීමෙන් බර බර කෙළෙස් නසා - යථාර්ථය අවබෝධ කර ගැනීමට - මිනිස් වර්ගයාගේ යහපත උදෙසා - බුද්ධ ශාසනය ක්‍රියාවට නැගිය යුතුයි . 
   

ඇත්ත සත්‍ය ලොව පහදන නිර්මල දම්             පැතිරේවා 
සත්‍ය සතර පදනම් කර බුදු දහමම                   වැටහේවා
මිත්‍යා මත දුරුකරලා පිළිවෙත් මග                  සරුවේවා 
පෙර පසු මතු අකුසල් බල සිත් සැමගෙම          දුරුවේවා 

     සෑම පුර පසළොස්වක පෝය දිනට පෙර දින තිලවක ධජ චෛත්‍ය අභියසට පැමිණ පෝය දවස පුරා සිල් සමාදන් වී පසු දින පිටත්ව යන උපාසක උපාසිකාවන් වෙත අර්ථ - ධර්ම - ප්‍රතිපත්ති - වාග් මාලා - චිත්ත ශක්ති  - විරිය ප්‍රාර්ථනා - සෙත් ශාන්ති - උත්තම බුද්ධ පුජාව සදහන් බොදු පිළිවෙතට ඇතුලත් වීම නැමැති පොත නොමිලේ ලබා ගත හැක .



මෙයට,
ශාසන අභිවෘද්ධිකාමී ,
ඔබේ යහපත පතන ,
නවදගල අනගාරික ධම්මික යෝගාවචර හිමි,

තිලවක ධජ චෛත්‍යය,
පොකුණුගල යෝගාශ්‍රමය,
නමයහමර හන්දිය ,
පරණ හත්පෝරුව - සුරියවැව.

No comments:

Post a Comment