Wednesday, July 23, 2014

! මිනිසුනේ ....... අවදිවව් !

   
             

        මනුෂ්‍යකම කුමක්දැයි සොයා බලව්‍  ! දෙපයින් නැගිට කොන්ද කෙලින් තබාගෙන හිස කෙලින් ඉදිරියට යන්න හැකියාව ඔබට ඇත්නම් ඔබේ දක්ෂකමින් සියලු සත්වයින්ටම වඩා වැඩි යමක් මිනිසකු ලෙසින් ලෝක සත්වයාටම ඉටු කරව්‍ඔබ ඔබේම මඩිය තද කර ගන්නේ අයි? ඔබ කවදා හෝ අසරණ වනවා නොවේද? ඔබ අසරණ නොවී ඔබේ පිහිට පතන්න කල යුත්තේ කුමක්ද?

      සියලු සත්වයින්ට - සියලු මනුෂ්‍ය වර්ගයට සේවය කිරීම නොහොත් අභය දානය ලබා දීමයි, යුධ බිය තුරාන් කිරීමය. අගම කුමක් හෝ වේවා ඔබ එසේ ජීව කාලය ගත කලේ නම් ඔබ ශ්‍රේෂ්ඨයෙකි. සියලු ලෝකවාසි අසරණයින්ට ජීවිතය ජිවත් කර වීමට ඔබේ සහය ලබා දෙන්න. ඔබ දැහැමි වන්න. සත්ව කරුණාව උපදවන්න. පරිසරයට ආදරය කරන්න, බිමට ඇති ජලය සුරකින්න, පස සෝදා යාම වලක්වන්න, පස මත වැඩෙන ශාක සුරකින්න. 

                  කෝටියක් වටිනා වන පෙත් බිම    හෙලලා 
                  කාටවත් කරන වරදක් නොවේ       ඔහෙලා 
                  ජාතියක් පාස පල දෙන බව               හිතලා 
                  කෝටුවක් පමණ නොකපව් වන      වැදිලා 

      මස් මාංශ ගිජුකම නොහොබී. ගිල දැමීම , කා  දැමීම නතර කර ඔබ උතුම් මනුෂයෙක් වන්න. ඔබේ දුක අපට දැනේ. ඔබ දුකට පත් වන්නේ මිනිස්කම ඔබ තුල නැති නිසාය. දෙවියන් වහන්සේ හඳුනා ගන්න. ශ්‍රේෂ්ඨයෙනි ඒ ශ්‍රේෂ්ඨත්වය ලැබුනේ දෙවියන් අතර රැදුනේ මනුෂ්‍යයෙක්  වී කල උතුම් මිනිස්කම් වලින්ය. මුලා  නොවව්‍, සත්‍ය සොයව්, ඔබ ඔබේ යහපත කැමති වන්නා  සේ, සියලු සත්වයන්ට සංඥා  ඇත්තාහ. ඒ ඒ කාම සංඥා - නිද්‍රා සංඥා - මරණ සංඥා - වලට වඩා ධර්ම සංඥාව උතුම් බැවිනි. කරුණාව - දයාව - අනුකම්පාව - සෙනෙහස - පරිත්‍යාගය - උපකාරය - සහයෝගය - බේරා ගැනීම - ගලවා ගැනීම -   ඉවසීම - අනාගතය ගැන හිතා  බැලීම ඔබට බාරයි. අවදි වන්න - උත්සහ ගන්න - විරිය කරන්න -  ජය ගන්න - සතුටු වන්න - මුළු ලොවම ගොඩ ගන්න. පාපයෙන් වලකින්න - හික්මෙන්න - සිතා  බලන්න - සිත දීයුණු කරන්න -  බුද්ධියෙන්  අනුශාසනා ක්‍රියාවට නගන්න. මිනිස්කමින් මුළු ලොවම ගොඩ නගමු. 

                    ඉර හඳ පවතින ලෝකේ ඔබ තරුවක්         වන්න  
                    සියලු සතුන් හට ජීවය කරුණා  හද           දෙන්න 
                    පොලව තලේ ඉපදුනු ඔබ මිනිසත්කම        ගන්න
                    දේවත්වය ඔබම අරන් ඔබ දෙවියෙක්         වන්න 

සැමට ජය හා සතුට පතන, 
නවදගල අනාගාරික ධමමික යෝගාවචර හිමි.