Sunday, August 31, 2014

පොකුණුගල යෝගාශ්‍රමයට තිලවක ධජ චෛත්‍යයට දළදා පුරවරයට යන පාර





නොදැන නොයන ගමනක් නම් නොම    වන්න 
නිවරදි මඟම දැනුමක් කර ගෙන          යන්න
කලක් සිටන් වැරදුනු ම              විමසන්න 
මුඳුනත් අරන් තිලවක ධජ වැද           ගන්න


මෙයට, ඔබේ යහපත පතන, 
ශාසන අභිවෘද්ධිකාමී

නවදගල අනාගාරික යෝගාවචර හිමි.

පොකුණුගල යෝගාශ්‍රමය,
තිලවක ධජ චෛත්‍යය,
නමය හමාර හන්දිය,
පරණ හත්පෝරුව,
සුරියවැව.
විමසන්න.    දු: ක: 0712193721



Tuesday, August 26, 2014

අධිෂ්ඨානයට උපකාර කරන්න . මව්පිය වැඩිහිටි පරෝපකාර භවන ඔබේ සිතෙත් නිර්මාණයක් කර ගන්න.


අධිෂ්ඨානයට උපකාර කරන්න . 
මව්පිය වැඩිහිටි පරෝපකාර භවන ඔබේ

සිතෙත් නිර්මාණයක් කර ගන්න.

        මම මුදල් ඉපයීම නොකිරීම නිසා මගේ පියා අසරණයි. වැඩිහිටි නිවාසයක හිරවී ඇත. විසඳුමක් සොයමි. 1978 සිට 1995 දක්වා පා ගමනින් අවුරුදු 17 ක් ධර්මප්‍රචරයේ  යෙදීම නිවරදි වැඳුම් ක්‍රම හඳුන්වා දීම - අක්කර 60 ක අභය භූමි පරිසර හිතකාමි පොකුණුගල යෝගාශ්‍රමය සහිත තිලවක ධජ චෛත්‍යය නිර්මාණය කර, අර්ථ - ධර්ම - ප්‍රතිපත්ති - වග්මලා - චිත්ත ශක්ති - විරිය ප්‍රාර්ථනා - සෙත් ශාන්ති උත්තම බුද්ධ පුජාව හඳුන්වාදී, මිල්ලෝදක වැහි ජල පොකුණ නිර්මාණය කර, දළදා පුරවර හඳුන්වා දීම. 2013 වර්ෂයේ  මව් පිය සර්ව කාර්යභාර ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය පනතක් නිවෙස් 50 - 60 භාර ගම්පති තනතුර හඳුන්වා, ජනාධිපතිතුමා  - විපක්ෂ නායකතුමා අතුළු ඇමතිවරුන් 8 දෙනකුට යැවීම දුක්විඳින මහජනතාවගේ තොරතුරු රජය මගින් ලබාගෙන නිසි විසඳුමක් ලබා දීමට මඟ පෙන්වාදීම පුද්ගලිකවම ඔබ හමුවීම ඔබේ දෙලොවම යහපත පිණිස පවති. මගේ වයස අවු 60 ක් ගත විය. බුදු දහම සන්දිට්ඨිකය. නිර්මලය. උත්සහවන්තය. ජය ගනි. ඔබේ සේවාව දුක් දුක්විඳින මහජනයාට හිත සුව පිණිස මුදා හරින්න. 

සියළු වැඩිහිටි මව් පිය පුජෝපහාරය පිණිස පෙරමුණ ගන්න.




01   නොනිමෙන ගිනි දළු තුන්ලොවේ           ඇත්තේ 
       ඒ බව නොදැනුම දුකමයි                        ගත්තේ
       මේ ගැන ලොවටම හෙලි කළ                යුත්තේ 
       අසරණ සරණම මයි විය                         යුත්තේ

02   සැප යමෙකුට  සිතෙනව                        ඇත්තේ 
      මුලාවේ  තරමට   සැපමයි                      ඇත්තේ 
      පමාවේ තරමට ගිණි   ගොඩ                   ඇත්තේ 
      දුක් පැමිණිය තැන අඬ අඬ                      ඇත්තේ 

03  විවරණ විස්තර කරන්ට බැරි                          ඇයි 
      ඉන්ද්‍රියගෝචර මඩ හැල්                       ගොහුරුයි 
       හිතට වැටෙන බිජයේ ඵල                          අහුරයි 
      ජාති ජරා මරණය එහි                           පැමිණෙයි

     මිනිසා මිනිසත්කම හදුනා නොගන්න තාක් ජාති - කුල - ආගම් - භාෂා  - දේශසීමා - වර්ණ භේද  - කල කෝළාහල අඩු නොවන බැවින් හෘර්දයාංගම මිනිසත්කම ලොවටම හඳුන්වා දීමට කාළය එලඹී ඇත.

       සත්ව කොට්ඨාශඅතුරින් සියල්ල නිරීක්ෂණය කර බලා - සත්වයන් පවා  හිලෑ කර ගෙන විශ්මිත ක්‍රියාකරකම් කරන විශේෂිත සත්වයෝත් ඇත්නම් - අයි ? අපට මුළු ලොවටම මිනිසත්කමේ සම්මුතියකට එළඹවීමට නොහැකි සාරවත් පසකට හිමිකම් කියන - පිරිසිදු ජලය හිමිකම් ඇති - අව්ව වැස්ස පරිසරය යහපත් අයුරින් සොබාදහම පවතින ශ්‍රී ලංකාද්වීපය සොබාදහමට එරෙහිව මිනිසත්කමට එරෙහිව උගත්කම හා ශාස්ත්‍රය - බුද්ධිමත්ව පරිහරණය නොකර ප්‍රජාතන්ත්‍ර වාදය දඩමීමා කරගත් සංවර්ධනය තුලින් හික්මීමක් නැති මිනිසත්කම නොහඳුනන - එකිනෙකා කා  කොටාගෙන  - ජාති  කුල ආගම් භාෂා දේශසීමා ප්‍රශ්න ඇති කර ගෙන - භය තැතිගැන්ම හා ශෝකාකූල දේශයක් නිර්මාණය නොවිය යුතුයි. ඔබ අපට ආදරය කරන මිනිසත්කමට සේවය කරන රටට ජාතියට ආගමට හෘර්දයාංගම ලැබැඳියවකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙකු හරි මනුෂයෙක් නම්  මිනිසත්කමේ සම්මුතියකට මුලපුරා නොමිනිස්කම් බැහැර කරන සුළු මිනිස් වර්ගයාගේ යහපතට ප්‍රතිපත්ති පිළිවෙත් වතාවත් තුලින් මිනිසා මිනිස් කමින් නඟාසිටුවිමට වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම සතු වගකීමයි. පැහැර නොහරිමයි. 

   ලන්දේසි - පෘතුගිසි - ඉංග්‍රීසි -අක්‍රමණයන්ගෙන් විනාශ වූ ලංකික ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත ලඟා ලර වීමට නම් දේශය මිනිසත්කමේ සම්මුතිය මරාගෙන කෑම නොව - කෘෂි වගාවෙන් පෘතුවි රස ගුණ මිනිස් ගුණාංගයන්ගෙන් සියළු ජිවින්ටම ජීවත්වීමේ අයිතිය ලබා දීම මිනිස්කමේ ශ්‍රේෂ්ඨත්වය වහා ලඟා කර ගන්නෝ විය යුතුයි. මහළු වයස පැමිණි කල්හි සැපවත් බව ලඟා කරන මව්පිය වැඩිහිටි පරෝපකාර භවන ඔබේ නිවහනක් ලෙසට ඔබත් අද අදම  පරෝපකාර සේවයේ යෙදි ඔබේ ජිවිතයේ පරම සතුට භුක්ති විඳිමට මෙයට උපකාර කරන්න. විමසන්න.    දු: ක: 0712193721

     වයස 26 දී මා හට විෂ ශරීරගත වීමෙන් විවිධ රෝගාබාධ වලින් පෙළෙන අයෙක් වෙමි. මව්ට මව් කුටි - පියාට පිය කුටි තනා අවුරුදු ගණනක් ඇප උපස්ථාන කළ නමුත් සියළු මව්වරුන්ට සියළු පියවරුන්ට යහ පැතුම් නිවන් ප්‍රාර්ථනා කළත් දෑතින් කවා පොවා උපස්ථාන කිරීමට නොහැකි අසරණ බවට මම අද පත්ව ඇත. නමුත් පියා මා අසලක හෝ තබා ගෙන ඇප උපස්ථාන කූලිකාරුවෙකු ලවා හෝ කිරීමට මට දැනට හැකියාවක් ? ........... ස්ථිර මඟක් - යෝජනාවක් -  වැඩිහිටි පරෝපකාර භවනක් විසඳුමක් වශයෙන් සත්ගුණවත් එක් අයෙකුගේ හෝ සහය පතමි. 

                         දිවි ඇති තෙක් කළ අනුන්ට             උවටැන්
                   අඟපත පණනැති විට අනුන්ගේ        උවටැන්
                     තමන්ම කර ගත හැකි ඒ                   පැසසුම 
                   නිවන් පතමු අපි ඒ කළ                   උවටැන්




                                               තෙරුවන්සරණයි !

මෙයට, 
ශාසන අභිවෘද්ධිකාමී,
නවදගල අනාගාරික ධම්මික යෝගාවචර හිමි.



Friday, August 15, 2014

නිවරදි වැඳුම හඳුනා ගනිමු.

      

      බහුල වශයෙන් අද භාවිතා වන වන්දනාව ක්‍රියාවට නැංවීම ආචාර කිරීම පමණක් බව පෙනේ. ආචාර කිරීම සහ  වැඳුම  වෙන් කොට හඳුනා ගැනීම මිනිස්කමේ මිනිස් ක්‍රියාකාරකම් මතුකර ගැනීමට මහෝපකාරී වේ. ආචාර කිරීම සුහදත්වයෙන් ශිලාචාර ගති ලක්ෂණයක් හෙයින් එය වැරැද්දා ගැනීමෙන් සියල්ල අවුල් සහගත තත්වයකින් භාවිතා වීම , භාවිතා කරවීම , අවුල් ජාලයකි. මෙයින් නිදහස් වෙමු . නිවරදි වැඳුම හඳුනා ගනිමු.
   
          වන්දනාව යනු කුමක්ද ?
  • ශ්‍රද්ධාවෙන් වැදීමට සිත් පෙලඹවිම 
  • විරියෙන් දොහොත් මුදුනට ගැනීම 
  • සිහියෙන් දසගිලි සමෝදානයට ගැනීම 
  • සමාධියෙන් ඒ ආකාරයෙන් පැවැත්ම 
  • ප්‍රඥාවෙන්  නිවරදිව ක්‍රියාත්මක වීම 

  • මෙවන් චෛතසික ක්‍රියාකාරකමකට කායික වැඳුම   සකස් විය යුතුයි.
  • සෑම වන්දනවකටම තමාට වඩා ගුණ - නැණ - වෘර්ධ - ශීලාදී වැඩි අයට දොහොත් මුදුනේ විය යුතුමයි.
  • අනෙකුත් දෑත් එකතු කිරීම අචාර කිරීම පමණයි. වැදිය යුතු අයට අාචාර කිරීම, අාචාර කරන අයට වැදිම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරිමමයි. මෙය හොදින් දැනුවත් වීමෙන් සියළු ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනීමට හැකිවේ.    
      නිවරදි වැඳුම් ක්‍රම 05 
01. අර්ධ ජානුක වන්දනාව 


දකුණු දණ මඩල බිම තබා දොහොත් මුදුන්හි තබා වැදීම අර්ධ ජානුක වන්දනාව නම් වේ.
                   අර්ධ ජානුකව වැඳුමට විවරණ           යෙදුම
                       දකුණු දණ මඩල බිම තබා මුදුනත්      වැඳුම 
                       වම් දණ මඩල මත වැලමිට තබා        යෙදුම 
                       අපහසුවක් නොමැති සරු ඵල             වැඳුම

02. පසඟ පිහිටුවා වැඳිම 


දෙදණ දෙවැල මිට නළල යන පස් තැන බිම ස්පර්ශ වන සේ දොහොත් මුදුන්හි තබා වැදීම පසඟ පිහිටුවා වැඳිමයි.

                      පසඟ පිහිටුවා වැඳුමට විවරණ            යෙදුම
                      දෙදණ දෙවැල මිට නළලද බිම           තැබුම
                      දෑතේ ඇගිලි මල් කැකුලක් මෙන්        වැඳුම
                      පසඟ පිහිටුවා වැඳුමත් දැන                ගැනුම

03. අංජලිකර්ම වන්දනාව 



දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන් සකස් කොට සිටගෙන දොහොත් මුදුන්හි තබා මදක් ඉදිරියට නැඹූරුව  කරන වන්දනාව අංජලිකර්ම වන්දනාවයි.

                         අංජලිකර්ම වැඳුමට විවරණ                     යෙදුම
                         අත් දෙක මුදුනේ සිටගෙන සිට මේ           වැඳුම
                         කය දුබලව ගියත් උතුමන් ගරු              කෙරුම
                         නිවනට යන්න හොද අඩිතාලම මුදුනත්     වැඳුම


04. උක්කුටික වන්දනාව



දෙදණ මත  දෙවැල මිට තබා විළුම් දෙක මදක් ඔසවා ඇගිලි  අගින් හිඳ දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව උක්කුටික වන්දනාවයි.

                  උක්කුටියෙන් වැඳුමට විවරණ                    යෙදුම
                     දෙදණ මත  දෙවැලමිට තබා මුදුනත්             වැඳුම 
                     දෙපා ඇගිලි මත සමබර උතුමන්                  වැඳුම
                     අගේ කළ යුතුයි සවිබල ඇති කල්හිම          යෙදුම

05. දණ්ඩ නමස්කාරය 


දණ්ඩක් මෙන් මුනින් අතට බිම දිගා වී දෙවැල මිට බිම ස්පර්ශ වන සේ දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන්සකස් කොට දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව දණ්ඩ නමස්කාර  වන්දනාවයි. 


                         දණ්ඩ නමස්කාරයට   විවරණ                යෙදුම 
                    දෙපා දෙඅත් එකතුව දිග වී                     වැඳුම 
                    බිම අත නොපා මුදුනත් කර ඒ                වැඳුම  
                    උතුමන් බිහි කරයි උත්තරීතර                 වැඳුම

මෙයට,
ඔබේ යහපත පතන, ශාසන අභීවෘද්ධිකාමි,
නවදගල අනාගාරික ධම්මික යෝගාවචර හිමි .

Saturday, August 9, 2014

පිළිවෙත යනු කුමක්ද ?

      



      පිළිවෙත යනුවෙන් " යමක් අසා  හොදින් වටහාගෙන වටහාගත් දේ ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා කල යුතු ක්‍රියාමාර්ගයට අනුගතවීමට පිළිවෙත " කියා අපට හදුන්වා දෙන්න පුළුවන්කම තිබේ. පිළිවෙත් කියන විට විවිධ ක්‍රම මාදිලියේ පිළිවෙත් තිබීමට පුළුවන. නමුත් අපට අවශ්‍ය කරන්නේ සංසාර දුක් කෙරවල කිරීම උදෙසා යායුතු පිළිවෙතක් නම් අපි ඒ පිළිවෙත පිළිබද වඩාත් විග්‍රහ කර කරුණු කරණා අවබෝධ කරගෙන පිළිවෙත් අනුගමනය කිරීමට හැඩ ගැසිය යුතුයි. 


     පළමුවෙන්ම මනුෂ්‍ය ධර්ම නමැති පිළිවෙතක් තිබිය යුතුයි.  මනුෂ්‍යයෙක් වශයෙන් මෙලොව උපදින්නේ මව් කුසයෙන් නිර්වස්ත්‍රව උප්පත්තියකිනි. ඉන් අනතුරුව මව් වරු පියවරු විසින් වස්ත්‍ර අන්දා ලැජ්ජා භය හදුන්වදී  මනුෂ්‍ය ධර්මයන් කියදී මිනිසුන් වශයෙන් මිනිස් ලොවේ ගුණාත්මක භාවයන් පිළිබද වටහා දෙනු ලැබේ. එවිට මිනිසා ක්‍රමයෙන් මානුෂික හේතුකාරණා හදුනාගෙන යහමග යන්නන  අවශ්‍ය කරනු ලබන කරුණු කරන ආදිය තේරුම් බේරුම් කර ගැනීම සිදු වේ. මෙසේ ලෝකයේ මිනිස් ක්‍රියාකරකම් විවිධ පුදිගලයන් විසින් හදුන්වාදෙනු ලැබේ. 

         නමුත් එහිදී සසර කියන කාරණය දීර්ඝ වශයෙන් සංසරණය වෙමින් ගමන් කරන නිසාවෙන්ම ලෝකයේ කලාතුරකින් පහළ වන උත්තමයෙක් බුද්ධ යනුවෙන් ලෝකයට පහල වේ.  උන් වහන්සේගේ අවබෝධඥානයෙන් සියඑ කෙලෙසුන් නසා ලොව්‍තුරා බුද්ධත්වයට පත් වූ පසුව උන් වහන්සේ විසින් මාර්ගයක් දේශනා කරනු ලබනවා. මේ සසර ගමන කෙටි කිරිම උදෙසා , සංසාර සාගරයෙන් එතෙර වන්න පුළුවන් -  නිවන් දකින්න පුළුවන් මේ නිර්වාන සැපතට  ආළුම් කරන්න කැමැත්ත ඇති පිරිස ඒ සදහා වූවමනා කරන පිළිවෙත් පිලිබදව හොදින් අසා ධාරණය කරමින් අසාධාරණ දේ තුලින් වැළකි  ධාරණය කරගත් යහපත් ධර්මතාවයන් අනුගමනය කිරීමට පෙලබෙන්ට  අවශ්‍ය වෙනවා.

        පළමුවෙන්ම වන්දනාව ගරුත්වයෙන්ම පිළිවෙතින් ක්‍රියාවට නගන්න අවශ්‍ය කරන වැඳුම - කයින් වැඳුම - වචනයෙන් වැඳුම - සිතින් වන්දනාව ක්‍රමානුකූලව හදුනාගෙන තමන්ගේ යහ මග පිරිසිදු කර ගැනිමට පිළිවෙත් හදුනා ගැනිම අවශ්‍ය වේ. අපි පළමුවෙන්ම වැද නමස්කාර කර ඉන් අනතුරුයි , පිළිවෙතට බැස ගත යුතු වන්නේ.

          භ්‍යාග්‍යවතුන් වහන්සේ කියන විටම අපේ අත් අපට වඩා උඩට ඉස්සීම සිදු වේ. දොහොත් මුදුන් දී අපි පිළිවෙතට පෙළගැසිය යුතු වෙනවා. ඉන් අනතුරුව අපි වචනයෙන් " නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස " කියා ඊට පසුව අපි උන් වහන්සේ පිළිබද මනා සිහියෙන් සිහිපත් කරනු ලැබිය යුතුයි. බුදු ගුණ පිළිබදව - උන්වහන්සේ දේශනා කර ධහම් ගුණ පිළිබදව - උන්වහන්සේගේ සංඝරත්නයේ සඟ ගුණ පිලිබදව මෙහිදී මනා සිහියෙන් සිහිපත් කරනු ලැබිය යුතුමයි. 

         අපිත් ඒ ශ්‍රාවක ගණයට ඇතුලත් වීමට නම් අපි එම සිව්වනක් පිරිසේ කොටස් හදුනා ගැනිම අවශ්‍යයි. සිව්වනක් පිරිස ලෙස හදුන්වන්නේ භික්ෂු -  භික්ෂුණි - උපාසක - උපසිකා යන කොටස් හතර පිළිබදවයි. එයින් උපාසක කෙනෙකු වීමට නම් බුදු පියාණන් වහන්සේ පිළිබදව වැදනාමස්කාර කර  තිසරණ සහිත පන්සිල්වත් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය  වේ. තුණුරුවන් සරණයාම යනුවෙන් අදහස් කරනු ලබන්නේ " බුද්ධං සරණං ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි -  සංඝං සරණං ගච්ඡාමි " යන්නයි. 
    එනම් මම චතුරාර්ය්‍ය සත්‍ය  අවබෝධ කිරීම සදහා බුද්ධ රත්නයද සෝවාන් ආදී නව ලොව්තුරු දහමට පැමිණීම සදහා ධර්ම රත්නයද - අෂ්ඨාර්ය පුද්ලත්වයට ඇතුලත් වීම සදහා  සංඝ රත්නයද යන ත්‍රිවිධ රත්නය සරණ සමාදානයහි යෙදී සතුන් මැරීමෙන් වැලකීම, සොරකම් කිරීමෙන් වැලකීම, කාම මිත්‍යාචාරයෙන් වැලකීම , බොරුකීමෙන් වැලකීම, රහමෙර පානය කිරීමෙන් වැලකීම යන පංච සීල ශික්ෂා පද හොදින් ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කර ගැනීම අවශ්‍යයි.

         මෙම තිසරණය , පංච සීලය සමග ආරක්ෂා කරන පුද්ගලයා නිතර නිතර බුද්ධ - ධම්ම -  සංඝ යන තුණුරුවන් කෙරෙහි ගරුත්වයෙන් වාසය කරනවානම් බුද්ධං උපසතීතී - ධම්මං  උපසතීතී - සංඝ උපසතීතී  යන උපාසක යෙක් උපාසිකාවක් වන්න බුදු ගුණ - ධහම් ගුණ - සඟ ගුණ නිතර නිතර සිහිපත් කරමින් අනුගමනය කිරීම අවශ්‍ය වේ.  යම් වැරදීමකින් හෝ ශික්‍ෂාපදයක් හානියකට පත් වුව හොත් එය ඔහුගේ ජීවිතය මෙන් සලකා ඔහු එම වරද වරදක් ලෙස සලකා දැඩිව තේරුම් ගෙන එයින් නිදහස් වී ඒ වැරදි වලින් වලකින්න උත්සහ ගැනීම කර  යුතුමයි. 

       එම නිසා පිළිවෙතින් පෙළගැසීම වන්න නම් මෙම පංචශීල ශික්ෂා පද ආරක්ෂා කිරීමත් - විවෙකයක් තිබේනම් පොහොය දිනයේ නිසියාකාරව අටසිල් සමාදන් වී එම ශික්ෂා පද 60 පැයක කාලය තුල දවස පුරා ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. වර්තමානයේ වරු සිල් සමාදන් වීමට පුරුදු වී තිබෙනුයේ නොදන්නා අයගේ උපදෙස් මතය. ඒ නිසා ඒ නොදැනිම අදුරක් ලෙස සලකා දැනීමෙන් පෙළ ගැසුනොත් පමණක් මේ ජිවිතයේ අර්ථවත් උපාසක කෙනකු වශයෙන් හෝ උපාසිකාවක් වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. 

        භික්ෂු -  භික්ෂුණි කියනු ලබන තත්වය ඊට ඉහල තලයේ ලා සලකනු ලැබේ.   භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද සමුහයක් ආරක්ෂා කිරීමට තිබේ. උන්වහන්සේලා ඒ පිළිබද මනා දැනුමකින් කටයුතු කරන්න අවශ්‍යයි.  උපාසක උපාසිකාවන්ට වඩා බික්ෂු බික්ෂුනි යන දෙපිරිස බොහොම වැඩිමහල් සහෝදර සහෝදරියන් ගණයෙහිලා සලකනු ලැබේ.  එම නිසා මේ බුදු පිරිසේ සිටින වැඩිමහල් සහෝදරයා බල සහෝදරයා වශයෙන් මෙම සිව් වනක් පිරිස හදුන්වනු ලැබේ. 

එම නිසා මෙම පිළිවෙතින් පෙළ ගැසෙන විට බොහෝ කරුණු කරණා තේරුම් අරගෙන අකැප දෙයින් වැලකිලා කැප දේ පමණක් අනුගමනය කරමින් ආදර්ශවත් ජිවිත ගත කරමින් ධාර්මික දිවි පවැත්මකින් ජිවත් වී අධාර්මික කටුතුවලින් වැලකිලා දුක අවබෝධ කිරීමට උත්සහ කිරීම  අවශ්‍යයි. දුකට හේතුවන ආශාව දුරු කරන්න උත්සහ කරන්න  අවශ්‍යයි. නිර්වාන මාර්ගයම අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය දක්නා ප්‍රඥාව පහල වන තුරු මොහොතින් මොහොත සතර සම්‍යක්ප්‍රධාන  විර්යෙන් - සතර සතිපට්ඨානයෙන් - සතර සෘද්ධිපාද - පංචේ‍රයන්ගෙන් - පංචබලයන්ගෙන් - සප්තබෞද්ඣංයෙන්  ආර්ය අෂ්ඨාංගික  මාර්ගයන් සම්පුර්ණ කර ලොවූතුරු බුදුපියාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරේ නම් ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ රසය , ගුණය, බලය, ජිවිතයට ඇතුලත් වන ආකාරයෙන් ප්‍රතිපත්තියෙන් පෙළ ගැසීමෙන් ප්‍රතිඵලය නමැති මාර්ග ඵල අවබෝධයෙන් ප්‍රතිවේධ නමැති සංඛ්‍යාත  මාර්ග  ඵල ප්‍රත්‍යක්ෂ ඥානයට පත්වීමෙන් නිර්වාණ සැපතින් සැනසීමට පුළුවන්කම ලැබේ.  එම නිසා සියල්ලෝම පිළිවෙතින් පෙළ ගැසීම නැමැති උත්තරීතර ප්‍රතිපත්ති සමුහය ආරක්ෂා කර   භික්ෂු -  භික්ෂුණි - උපාසක -උපාසිකා යන සිවූවනක් පිරිසම සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙතින් පෙළ ගැසීමෙන් නිවන් සැප නැමැති උදාරතර සැපතින් සියල්ලෝම සැනසෙත්වා ! කියා ප්‍රාර්ථනා කරමු.

මෙයට ,
ඔබේ යහපත පතන ,
ශාසන අභිවද්ධිකාමී ,
නවදගල අනගාරික ධම්මික යෝගාවචර හිමි.

Friday, August 1, 2014

අපේ සිත් කුසලට යොමු කරමු

                   

                    
                    මිනිස්ගුණ දැන් නැත්තේ  -   මිනිස් කම යලි     ගනිමු
                    සැමට   යහපත   සදමු      -   වැරදි දේ දැක      මිදෙමු
                    අපේ   සිත්   අපි  හදමු      -   තිලෝගුරු ගරු     කරමු
                    අපි  උපන්  සැප  විදිමු      -   එතෙර වීමම         කරමු

      මහා කාරුණික තථාගතයන් වහන්සේ අනුශාසන කෙරෙහි අපි සිත්         යොමුකරමු.

පව් නොකිරීම - කුසල් සිත දියුණු කිරිම - සිත දමනය කර ගැනිම.

  • පාපයෙන් වැලකිමට විරිය කරන්න අවශ්‍ය වන්නේ ඇයි?                අපට ඇති වී ඇති - අපට විදින්න තිබෙන - අප දැනට විදින - සියලු   දුක් පාපය නමැති මුල ධර්මයයි.                 
  • කුසල් සිත දියුණු කරන්න  අවශ්‍ය වන්නේ අයි?         

        ලෝකයේ ඇති සියලු සැප - ලෝකයේ ඇති වෙන්න තිබෙන   සැප - දැනට විදින සැප - සියල්ල                        ලැබෙන හේතුව කුසල් සිත දියුණු කිරීමමයි.

  • සිත දමනය කරන්නඅවශ්‍ය වන්නේ අයි?
     අප සියලු දෙනාම සසර වසන තුරුම මේ තියෙන දුක හෝ සැප දැන හෝ නොදැන වි‌‍ඳ‌මින් යන්නා වූ ඉපදෙමින් - පැවතිමින් - මැරෙමින් සංසරණය වීම - සැරි සැරිම - අගක් මුලක් නොපෙනෙන තරම් අඳුරකි‌‍‌. මහා උත්තම සම්මා සම්බුදු කෙනෙකුටවත් නොපෙනෙන තරම් අති දීර්ඝ සැරි සැරීමකි. එබැවින් ඒ සසර ගමන නතර කරන්න තිබෙන උතුම් මාර්ගය සිත දමනය කරගැනීම තුලින්ම හැර  වෙන කිසිදු මාර්ග ප්‍රතිපදාවක් නොමත. ඒ සදහා තුන්කල් දක්නා වූ තථාගත අනුශාසනාව කෙරෙහි අපේ සිත් යොමු කරමු. තමතමන් තම තමන් විසින්ම හඳුනා ගෙන අවබෝධයක් ඇතිව වැඩ   අරම්භ කළ යුතුයි. තමන් තුළ කරුණාව - දයාව - අනුකම්පාව - මෛත්‍රිය වඩන්න තරම් සුදුස්සෙක්ද? යන්න හඳුනාගෙන එයට සුදුසුකම් නැති හේතු සොයා ගන්න.
         ඒ හේතු නම් සතුන් මැරීම - සත්ව මාංශ වලට ගිජු කම - කෑදරකම - පුරුද්ද - ඇබ්බැහිවිම - සොරකම් කිරීම - දහඩිය මහන්සියෙන් උපාය නොගෙනීම - අනුන්ගේ භාණ්ඩ පිළිබද ආශාව  - තමන්ගේ තරමට වැඩා වියදම් කිරීම - නොහිබිනා ඇසුර - ඊර්ෂාව - කෝපය - ලෝක මන්නයට කටයුතු කරන්නට යාම - කාමය වරදවා හැසිරිම - තම තමන්ගේ හැගීම් පාලනය කර නොගැනීම - ලාමක හැගීම් වලට ගිජු වීම - නින්දා සගත කරුණක් බව නොසිතීම - ආශාවන් පිනවීමට යෑම - බොරු කීම - කේලාම් කීම - පරුෂ වචන කීම - හිස් වචන කතා කිරීම - අනුන් මුලාවට පත් කිරීම - තමන් උසස් කොට අනුන්ට ගැරහීම - ලාභ ලබා ගැනිමට - මුනිච්චාවට පුරුද්දට සෙල්ලමට නොසිතාම බොරුවට හුරු වීම - සුරාවට මතට යොමු වීම - තමන්ගේ උතුම් මනස දුර්වල කර ගැනීමක් බව නොවෙටහිම - පිරිහීම - දුර්වල පුද්ගලයන් ඇසුර - ලාමක නොහොබිනා දෙයට යොමු වීම - ඇබ්බැහිවිම - ඇබ්බැහිවුවන්ගේ ඇසුර - මේවා ඕනෑම ආගමික පුද්ගලයකු වුවත් - මොවන් සමාජය විනාශය කරා යොමු කරවන, කරන දුර්ජනයන් බව හදුනා නොගන්නාතාක් ඒ අය කෙරෙහි හෝ ඔබ කෙරෙහි හෝ දයාවක් - කරුණාවක් - අනුකම්පාවක් - මෛත්‍රියක් යහපතක් ප්‍රාර්ථනා කරන්න සුදුස්සෙක් නොවන බව වැටහා ගෙන පළමුව තමා තමාට යහපත පිණිස ඒ ඒ දුර්ගුණ අගුණ තැන් දුරු කර ගෙන දැහැමි දිවියකට සුදුසු මිනිස් ගුණ පළමුව හදුනා ගත යුතුමයි.
     එවිට සියලු පව් වලින් වැලකි - අත් මිදී සියලු කුසල් දහම් වඩා ගැනිමට , පුරා ගැනිමට ඔබ සුදුස්සෙක් බවට පත් වේ. ඔබේ සිත දමනය කර ගැනිමට ඔබ සුදුස්සෙක් බවට  පත් වේ. ඔබේ සතුට - ඔබේ සාමය ඔබේ යහපත - ඔබේ දියුණුව - ඔබේ ගුණ - ඔබටම දැක ගත හැක .

   ඔබේ මවට බුදුන් දැක නිවන් දැක ගැනිමට - ඔබේ පියාට බුදුන් දැක නිවන් දැක ගැනිමට - ඔබ උපන් දේශයට ජය ලබා දීම - ඔබේ දරුවනට යහ මග ගැනීමට ඔබ අප කවුරුත් කළ යුත්තේ මහා කාරුණික තථාගතයන් වහන්සේගේ අනුශාසන කරෙහි සිත් යොමු කරවා මෙලොව සැප, පරලොව සැප, සියලු ලෞකික සැප ද ලෝකෝත්තර සැප සංඛ්‍යාත නිවන් සැප පතා ජය ලබා ගැනිමට ක්‍රියා කරමු.

ඔබ සැමට තෙරුවන්සරණයි!

මෙයට ඔබේ යහපත පතන, 
ශාසන අහිවෘද්ධිකාමි, 
නවදගල අනාගාරික ධම්මික යෝගාවචර හිමි.