Friday, August 15, 2014

නිවරදි වැඳුම හඳුනා ගනිමු.

      

      බහුල වශයෙන් අද භාවිතා වන වන්දනාව ක්‍රියාවට නැංවීම ආචාර කිරීම පමණක් බව පෙනේ. ආචාර කිරීම සහ  වැඳුම  වෙන් කොට හඳුනා ගැනීම මිනිස්කමේ මිනිස් ක්‍රියාකාරකම් මතුකර ගැනීමට මහෝපකාරී වේ. ආචාර කිරීම සුහදත්වයෙන් ශිලාචාර ගති ලක්ෂණයක් හෙයින් එය වැරැද්දා ගැනීමෙන් සියල්ල අවුල් සහගත තත්වයකින් භාවිතා වීම , භාවිතා කරවීම , අවුල් ජාලයකි. මෙයින් නිදහස් වෙමු . නිවරදි වැඳුම හඳුනා ගනිමු.
   
          වන්දනාව යනු කුමක්ද ?
  • ශ්‍රද්ධාවෙන් වැදීමට සිත් පෙලඹවිම 
  • විරියෙන් දොහොත් මුදුනට ගැනීම 
  • සිහියෙන් දසගිලි සමෝදානයට ගැනීම 
  • සමාධියෙන් ඒ ආකාරයෙන් පැවැත්ම 
  • ප්‍රඥාවෙන්  නිවරදිව ක්‍රියාත්මක වීම 

  • මෙවන් චෛතසික ක්‍රියාකාරකමකට කායික වැඳුම   සකස් විය යුතුයි.
  • සෑම වන්දනවකටම තමාට වඩා ගුණ - නැණ - වෘර්ධ - ශීලාදී වැඩි අයට දොහොත් මුදුනේ විය යුතුමයි.
  • අනෙකුත් දෑත් එකතු කිරීම අචාර කිරීම පමණයි. වැදිය යුතු අයට අාචාර කිරීම, අාචාර කරන අයට වැදිම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරිමමයි. මෙය හොදින් දැනුවත් වීමෙන් සියළු ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනීමට හැකිවේ.    
      නිවරදි වැඳුම් ක්‍රම 05 
01. අර්ධ ජානුක වන්දනාව 


දකුණු දණ මඩල බිම තබා දොහොත් මුදුන්හි තබා වැදීම අර්ධ ජානුක වන්දනාව නම් වේ.
                   අර්ධ ජානුකව වැඳුමට විවරණ           යෙදුම
                       දකුණු දණ මඩල බිම තබා මුදුනත්      වැඳුම 
                       වම් දණ මඩල මත වැලමිට තබා        යෙදුම 
                       අපහසුවක් නොමැති සරු ඵල             වැඳුම

02. පසඟ පිහිටුවා වැඳිම 


දෙදණ දෙවැල මිට නළල යන පස් තැන බිම ස්පර්ශ වන සේ දොහොත් මුදුන්හි තබා වැදීම පසඟ පිහිටුවා වැඳිමයි.

                      පසඟ පිහිටුවා වැඳුමට විවරණ            යෙදුම
                      දෙදණ දෙවැල මිට නළලද බිම           තැබුම
                      දෑතේ ඇගිලි මල් කැකුලක් මෙන්        වැඳුම
                      පසඟ පිහිටුවා වැඳුමත් දැන                ගැනුම

03. අංජලිකර්ම වන්දනාව 



දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන් සකස් කොට සිටගෙන දොහොත් මුදුන්හි තබා මදක් ඉදිරියට නැඹූරුව  කරන වන්දනාව අංජලිකර්ම වන්දනාවයි.

                         අංජලිකර්ම වැඳුමට විවරණ                     යෙදුම
                         අත් දෙක මුදුනේ සිටගෙන සිට මේ           වැඳුම
                         කය දුබලව ගියත් උතුමන් ගරු              කෙරුම
                         නිවනට යන්න හොද අඩිතාලම මුදුනත්     වැඳුම


04. උක්කුටික වන්දනාව



දෙදණ මත  දෙවැල මිට තබා විළුම් දෙක මදක් ඔසවා ඇගිලි  අගින් හිඳ දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව උක්කුටික වන්දනාවයි.

                  උක්කුටියෙන් වැඳුමට විවරණ                    යෙදුම
                     දෙදණ මත  දෙවැලමිට තබා මුදුනත්             වැඳුම 
                     දෙපා ඇගිලි මත සමබර උතුමන්                  වැඳුම
                     අගේ කළ යුතුයි සවිබල ඇති කල්හිම          යෙදුම

05. දණ්ඩ නමස්කාරය 


දණ්ඩක් මෙන් මුනින් අතට බිම දිගා වී දෙවැල මිට බිම ස්පර්ශ වන සේ දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන්සකස් කොට දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව දණ්ඩ නමස්කාර  වන්දනාවයි. 


                         දණ්ඩ නමස්කාරයට   විවරණ                යෙදුම 
                    දෙපා දෙඅත් එකතුව දිග වී                     වැඳුම 
                    බිම අත නොපා මුදුනත් කර ඒ                වැඳුම  
                    උතුමන් බිහි කරයි උත්තරීතර                 වැඳුම

මෙයට,
ඔබේ යහපත පතන, ශාසන අභීවෘද්ධිකාමි,
නවදගල අනාගාරික ධම්මික යෝගාවචර හිමි .

1 comment:

  1. ඔබ වහන්සේට පින් සිදුවේවා..

    ReplyDelete